Summer ended today with the Autumnal Equinox, at 8:14 p.m local time (15:44 UT on 22 September 2008) today. For us Sri Lankan's this would not make any sense at all. Today was just another hot and humid day in September. Equinoxes and Solstices are special days of the year. They are like Full Moon Poya Days minus the holiday. For more information about Soltices and Equinoxes read this post.
ඉක්‌විනොක්‌ස් (Equinox) කියන්‌නේ රාත්රිය සහ දවාල එක හා සමානව පවතින දවස් වලටය. එවැනි දවස් දෙකක් වර්‌ෂයක් තුල පවතී - වර්‌නල් ඉක්‌විනොක්‌ස් සහ ඔ්‌ටොම්‌නල් ඉක්‌විනොක්‌ස්. අද දින (22 සැප්‌තැම්‌බර් 2008) ඔ්‌ටොම්‌නල් ඉක්‌විනොක්‌ස් ප.ව. 8.14ට ලඟා විය. ලෝකයේ උත්‌තර ගෝලයේ රටවලට, විශේෂයෙන් නිවර්‌තනයට ඉහලින් පිහිටි රටවල් වල ගිම්‌හාන කාලය අද දින අවසන්‌වේ.
Can't read the above Sinhala text? Download Sinhala fonts from here

පෘථිවිය විශ්‌වයේ මධ්ය ලක්‌ෂය නොවුවද, අප අභ්යවකාශ වස්‌තූන් නිරීක්‌ශනය කරන මනංකල්‌පිත ජ්යාමිති පද්‌ධති කීපයක් (ෙදකක් පමන) අැත. මෙහි එක් පද්‌ධතියක් පෘථිවියට සාපෙක්‌ෂව අභ්යවකාශ වස්‌තූන් වල පිහිටීම් ලකුනු කරයි.
මෙහිදී celestial sphere යන ඉංග්රීසි වචන වලින් අදහස් වන්‌නේ ප්රථිවියට සාපේක්‌ෂව අභ්යවකාශ වස්‌තූන් මනංකල්‌පිත ගෝලයක පිහිටනා අාකාරයයි. එම අදහසින් මා celestial sphere යන්‌න අාකශ ගෝලය ලෙස හඳුන්‌වන්‌නේ නිසි පරිවර්‌තනයක් නොමැති නිසායි.
පෘථිවිය තමා වටේ, උත්‌තර අාකශ ධ්රවය (north celestial pole) සහ දක්ෂින අාකශ ධ්රවය (south celestial pole) යා කරන පෘථිවි අක්‌ෂය (Earth axis) වටා භ්රමනයවේ.
පෘථිවිය තමා වටේ භ්රමනය වෙද්‌දී ප්රථිවිය සූර්යා වටේ පරිභ්රමනය වෙනවා. ප්රථිවිය පරිභ්රමන පථය අාසන්‌න වශයෙන් තලයක් මත පිහිටයි. මෙය ඉක්‌ලිප්‌ටික් තලය (ecliptic plane) ලෙස හදුන්‌වයි. පෘථිවි අක්‌ෂයට ලම්‌භක තලය අාකශ සමකය (celestial equator) ලෙස හඳුන්‌වමු.

මෙතෙක් අප අක්‌ශ දෙකක් සලකා බලා අැත. අාකශ සමකය සහ පෘථිවි අක්‌ෂය. එහෙත් අභ්යවකාශ වස්‌තූන් අාකශ ගෝලයේ ලකුනු කිරීමට අාකශ සමකයේ කෝණමානයක් සවිකල යුතුයි. එම කෝණමානයේ මූලය වර්‌නල් ඉක්‌විනොක්‌ස් මොහොතයි. මෙලෙස අාකශ සමකයේ නැගෙනහිර දිශාවට මනින මෙම කෝනයට දක්‌ශින නැගීම (right ascension), α ලෙස හඳුන්‌වයි.
අාකශ සමකයට උතුරු දෙසට මනින කෝනය, ඩෙක්‌ලිනේශන් කෝනය (declination angle), δ ලෙස හඳුන්‌වයි.
පෘථිවි අක්‌ෂය ඉක්‌ලිප්‌ටික් තලයට අානතව පිහිටයි. මෙම අානතියේ උපරීම අගය 23.5° බවත් අවම අගය -23.5° බවත් අප පාසලේ ඉගෙන ගත්‌තා.
අභ්යවකාශ වස්‌තූන් අතර සූර්යා සලකා බලමු. සූර්යාගේ ඩෙක්‌ලිනේශන් කෝනය δS ලෙස හඳුන්වමු.
δS = 23.44 × sin((360×(284+N)/365)) ලෙස අාසන්‌න වශයෙන් දැක්‌විය හැකිය.
මෙහි N යනු වර්‌ෂයේ දිනයයි. උදාහරණක් ලෙස පෙබරවාරී 10 වනිදා N=41 වනු අැත.
ඔ්‌නෑම දිනක (N) පෘථිවිට සාපේක්‌ෂව සූර්යාගේ පිහිටිම ඉහත සමීකරණයෙන් ලබා ගත හැකිය.
වඩා නිවැරදි ෆුරියර් ශ්රේණි අාකෘතියක් පහත දැක්‌වේ:δS = 0.006918 - 0.399912 cosγ + 0.070257 sinγ - 0.006758 cos 2γ + 0.000907 sin 2γ - 0.002697 cos 3γ + 0.00148 sin 3γ
මෙහි γ = (2π/365)(N-1);
ඉහත δS = 23.44 × sin((360×(284+N)/365)) සමීකරණයෙන් පහත නිගමන වලට එළබය හැක.
- δS = 0 වන අවස්‌ථා දෙකක් අැත. ඉන් පළමු අවස්‌ථාව වර්‌නල් ඉක්‌විනොක්‌ස්ද
- දෙවැනි අවස්‌ථාව ඔ්‌ටොම්‌නල් ඉක්‌විනොක්‌ස්‌ද වේ.
- δS = +23.44 වන අවස්‌ථාවක් අැත. මෙය ගිම්‌හාන සොල්‌ස්‌ටිස්‌ය.
- δS = -23.44 වන අවස්‌ථාවක් අැත. මෙය වින්‌ටර් සොල්‌ස්‌ටිස්‌ය.
ඉක්‌විනොක්‌ස් දින වල සුවිශේෂ ලක්‌ෂණයක් වනුයේ, රාත්රී සහ දිවා කාලය සම කාල පරාසයක් ලෝකයේ සෑම රටකම පැවතීමයි. වර්‌ශයේ අනෙකුත් දිනවල එක් එක් අක්‌ශාංශ වල රාත්රී සහ දිවා කාලයන් වෙනස්‌ව පවතී.
