මතය: විද්යාවේ නියම

විද්යාවේ නියම අපි ඉගෙනගත්‌තා පාසලේ - නිව්‌ටන්‌ගේ නියම, ශක්‌ති සංස්ථිතිය නියමය, ගම්යතා සංස්ථිතිය නියම අාදිය. අැයි මේවාට නියම කියලා කියන්‌නෙ?

<!-- break -->
නිව්‌ටන්‌ගේ නියම පදනම්‌ කරගෙන බොහෝ වාද ගොඩනැනා. මෙම වාද වලට සංසිද්‌ධි බොහෝමයක්‌ පැහැදිලි කරන්‌න පුලුවන්‌. හැබැයි එ්‌වාට පැහැදිලි කරන්‌න බැරි සංසිද්‌ධි කීපයක්‌ තියනවා.

එතකොට අැයි අපි මෙම නියම වලට නියම කියල කියන්‌නෙ?

විද්යාවේ පදනම වන්‌නේ, නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධික්‌ වටා ගොඩනැගුන කල්‌පිතයක්‌ සාධනය කිරීමය. එම කල්‌පිතයට, නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධිවලට සමාන සංසිද්‌ධි නිවැරදිව පැහැදිලි කරන්‌න හැකි විය යුතුයි. කල්‌පිතය සාධනය කරන්‌නේ වෙනත්‌ වාද සහ නියම වලට අනුකූලවයි.

හැබැයි නියම සාධනය කරන්‌නේ නැහැ. නිව්‌ටන්‌ගේ සාධනය කරාද චලිතය පිළිබද නියම තුන? නැහැ. චලිතය නිරීක්‌ශනය කරලා තමයි නියම වලට එලබුනේ.

ගම්යතා සංස්ථිතිය නියම නිව්‌ටන්‌ගේ චලිතය පිළිබද නියම වලින්‌ තුන්‌ වැන්‌න වටා ගොඩනැගුනා. ශක්‌ති සංස්ථිතිය නියමය පරීක්‌ශනාත්‌මකව ගොඩනැගුන නියමයක්‌.

එතකොට තාපගති විද්යාවේ නියමත්‌ එහෙමයි.

සාපේක්ෂතා වාදය නිව්‌ටන්‌ගේ නියම වලට එකඟ වෙන්‌නෙ නැහැ. ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව සාපේක්ෂතා වාදය එකඟ වෙන්‌නෙ නැහැ.

විද්යාවේ නියම කියන්‌නෙ ව්යවහාරයේ නියම වලට වඩා වෙනස්‌ අදහසක්‌. විද්යාවේ පරමාර්‌ථය නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධි වලට පිළිතරක්‌ ලබා දීමයි.

ඉතින්‌ විද්යාවේ වාදය සහ නියම, නිරීක්‌ශනය කරන ලද සංසිද්‌ධි වටා ගොඩනැගුනා.

Comments

Post new comment

The content of this field is kept private and will not be shown publicly.
CAPTCHA
This question is to prevent automated spam submissions.